Kitchen
ඉස්සන් බුරියානි
අවශ්‍ය ද්‍රව්‍ය
ඉස්සන් - 450g
මුදවපු කිරි මේස හැඳි - 3
මිරිස් කුඩු තේ හැඳි - 3
කහකුඩු තේ හැඳි - ¼
තුනපහ කුඩු තේ හැඳි - 1 ½
කජු මද - 50g
ලොකු ලූනු ගෙඩි - 3
රතු ලූනු ගෙඩි - 6
කරපිංචා කිනිති - 1
රම්පේ කැබලි - 1 – 2
එනසාල් කරල් - 10
කුරුඳු පොතු කැබැල්ලක්
තෙල් ස්වල්පයක්
ලුණු තේ හැඳි - 1
තක්කාලි ගෙඩි - 3
සුදු ලූනු බික් - 3
සාදන ආකාරය
තරමක
භාජනයක් ගෙන එයට මුදවාපු කිරි ටික දමා ඊට මිරිස් කුඩු, කහ, තුනපහ කුඩු සහ
ලුණු දමන්න. සුදුලූනු, ඉඟුරු සහ කජු අඹරා ගෙන මෙම භාජනයට දමා කළවම් කර
විනාඩි 10 ක් පමණ තබන්න. පසුව තාච්චියක් ගෙන එයට තෙල් මේස හැඳි 3 ක් දමා
රත් කරන්න. තෙල් රත්වූ පසු ලූනු, කරපිංචා, රම්පේ, එනසාල්, කුරුඳු දමා බැද
ගන්න. ලූනු දුඹුරු පැහැවන විට ශුද්ධකර සෝදාගත් ඉස්සන් හා කෑලි කපාගත්
තත්කාලි එක්කර තරමක් බැදුණු පසු පසෙකින් තබන්න.
බුරියානි බත පිළියෙල කිරීමට
අවශ්‍ය වන්නෙ
හාල් (සම්බා හෝ බාස්මතී) - 450g
ලියාගත් රතුලූනු - 120g
කරාබු නැටි කිහිපයක්
කරඳමුංගු කරල් - 5
වතුර
කරපිංචා ස්වල්පයක්
රම්පෙ කැබල්ලක්
කුරුඳු කැබැල්ලක්
තෙල් මේස හැඳි - 4
පාන් පිටි - 500g
සාදන ආකාරය
මුලින්ම
බත පිස ගැනීමට ප්‍රමාණවත් බඳුනකට තෙල් දමා රත් කරන්න. එයට කරපිංචා,
රතුලූනු සහ කුළුබඩු දමා රන්වන් පැහැවන තුරු බදින්න. එයට සෝදා දිය බේරෙන්නට
තබාගත් හාල් එකතු කොට විනාඩි කිහිපයක් බැදෙන්නට හරින්න.
පසුව වතුර
දමා බත පිසගන්න බත භාගෙට තැම්බෙන විට මුලින් තාච්චියේ පිළියෙල කරගත් ඉස්සන්
එකතු කරන්න. වතුර පිටි මිශ්‍රණයෙන් (පාන්පිටි 500 කට වතුර 250ml ක් දමා
අනා පිළියෙල කරගන්න) බඳුනේ ගැට්ට සීල් කර ෆැරන්හයිට් අංශක 300 ක පමණ
උෂ්ණත්වයේ පෝරණුවක තබා විනාඩි 45 ක් පිසින්න.
මේසයට යවන විට ඉස්සන් උඩින් දමා සරසා ගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks